web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

රාවණා

February 22, 2017, by shanakaonlive, category Poems & Verses
ආදරණීය සීතා,
ඇස ගැටුනු සැනින් නුඹේ රැව
කැටුව ගියෙ බලෙන් මෙන්
මා හද පතුලෙන් නැගී ආ
පිවිතුරැ ආලය නිසාවෙනි
රාමාට ආලය කළද
එය නොවේ සැබෑ ආලය
වැටහුනත් ඔය සිතට
සූදානම් නැත පිලිගැනුමට
ලොවම මා දුටුවද
නුඹ දෙපලගේ සතුරකු විලසට
සීතාවනි නුඹ හටද
පෙනුනෙ ඒ අයුරින්මද
අතීතය වෙනස් කොට
තුරුලු වී නුඹෙ උනුසුමට
සදාකල් රුඳෙන්නට
ඉඩ දෙනු මැන මේ රාවණාට

Written by,
ශානක

2 Comments

So, what do you think ?