web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

අහිමි ආලය II

February 22, 2017, by shanakaonlive, category Poems & Verses
ඔබට පුද දුන් ප්‍රේමය
සඟවා ගනු බෑ මසිත
නැවත නුඹ එයි මවෙත
කියා සිත විමසනව සැමවිට
නුඹයි මගෙ කුමරිය
කියා සිත කරදර කරයි මට
නුඹ නොමැති මේ ලොව
ඉඳීමෙන්නම් පලක් නැත මට
කොතරම් හේතු කිව්වත්
මගේ සිත නුඹ ලඟය තවමත්
නුඹෙ සතුට එය නම්
දිවියෙන් වුවද සමුගන්නම්
ගියහොත් මෙලොව හැරදා
එනවද සොහොන වෙත සැමදා
මල් කිනිත්තක් තියා
යනවද මතක පිටු පෙරලා

Written by,
ශානක

So, what do you think ?