web analytics

Shanaka Onlive

Shanaka Onlive

Classified
Shanaka Onlive

අහිමි ආලය

February 20, 2017, by shanakaonlive, category Poems & Verses
Boy:
නුඹ මට අහිමි යැයි සිත කීවද
පිළිගත නොහැක එය මට
වාවනු බෑ මසිත
මැරි මැරී උපදිමි මම

Girl:
අතරමං වී දෙලොවක
කෙලෙස හිමි වෙන්නෙමිද නුඹ හට
සිත පාරවන මතකය
දෙන්න මා හට රැගෙන යන්නට

Boy:
කෙලෙස ඉඩ දෙන්නද
නුඹට මා හැරදා යන්නට
රිදුම් දෙයි මා හදවත
සිත කොනකවත් නැද්ද සෙනෙහස

Girl:
ඔය නෙත් තුල මා උන් තැන්
දිය කර නුඹ හඩනවනම්
ඒ හෙලනා කදුලු අරන්
දෙනෙතේ සගවාගන්නම්

සුන්දරයැයි කී මතකය
අද නුඹ සිත රිදව‍යි නම්
ඒ රිදවන මතක අරන්
මසිතෙහි සවාගන්නම්

පෙර දිනයක සේ ආයෙත්
පිබිදේවා මුව හසරැල්
නොපෙනී ඈතින් ඉන්නම්
ඉන් නුඹ සුවපත් වේ නම්

Boy:
නුඹ නොපෙනී ඉන්නා විට
වාවනු බෑ මගෙ හදවත
ඉනුමැන පෙනෙනා මානෙක
එය දිරියකි මා සිත හට

Written by,
Shanaka

So, what do you think ?